Crysbro Next Champ ජාතික ක‍්‍රීඩා සම්මාන උළෙල ලබන වසර මූලදී

(කොළඹ, ලංකාපුවත්) –අනාගත ලොව ජය ගන්නා අපේ රටේ දක්‍ෂ තරුණ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාතියට හදුන්වා දෙමින් ඔවුන්ට අතහිත දීමේ අරමුණින් ආරම්භ කෙරුණු “Crysbro Next Champ” වැඩසටහන විසින් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් ජයග‍්‍රහණ හිමිකරගත් කණිෂ්ට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 20 දෙනෙකුගේ පමණ විස්තර මේ වනවිට හෙලිකර තිබේ.

මළල ක‍්‍රීඩා, ක‍්‍රිකට්, බැඞ්මින්ටන්, පිහිණුම්, ජිම්නාස්ටික්, කවපෙත්ත විසිකිරීම වැනි ක‍්‍රීඩා ඉසව් වලින් තරග කරන මෙම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් නුවර, කුරුණැගල, රත්නපුර, මාතලේ, රක්වාන, අනුරාධපුර සහ කොළඹ යන ප‍්‍රදේශවල පදිංචි අයයි.

කොළඹින් බැහැර දුෂ්කර ප‍්‍රදේශවල විවිධ ආර්ථික අපහසු මධ්‍යයේ ක‍්‍රීඩාවේ නිරතවන මෙවැනි දරුවන් 50 දෙනෙකුට ආසන්න පිරිසකගේ විස්තර මේ වසර අවසන් වටවිට “Crysbro Next Champ” වැඩසටහන මගින් අනාවරණය කිරීමට බලාපොරොත්තු වේ. පසුගිය මාර්තු මස ආරම්භ කෙරුණු “Crysbro Next Champ” වැඩසටහන සෑම සෙනසුරාදාවකම රාත‍්‍රි 9.30ට චැනල් අයි නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන අතර Crysbro Next Champ ච ෆෙස් බූක් පිටුව හරහා ආර්ථික ප‍්‍රශ්ණ හෝ උදව් ලබාදිය යුතු මට්ටමේ සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ජනතා සහයෝගයෙන් පැවැත්වීම සැලසුම් කර තිබේ. එම සම්මාන උළෙලෙදී ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ කණිෂ්ට ක‍්‍රීඩා තරග ඉසව් වලින් දක්‍ෂතා දැක්වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 30 දෙනෙකුට පමණ සම්මාන සමග ඔවුනට අවශ්‍ය ක‍්‍රිඩා උපකරණ සහ අවශ්‍ය සහය පිරිනැමීමට පියවර ගෙන තිබේ.

ජාතික කණිෂ්ට මළල ක‍්‍රීඩාසංගමය, ක‍්‍රීඩා අමාත්‍යංශය සහ අධ්‍යාපන අමත්‍යංශයේ සහය ඇතිව සම්මාන සදහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තොරා ගැනෙන අතර සම්මාන උළෙලේදී මීටර් 100 පිරිමි Crysbro Next Champ of the Yearසම්මානය, මීටර් 400 කාන්තා Crysbro Next Champ of the Yearසම්මානය, උස පැනීමේ පිරිමි Crysbro Next Champ of the Yearසම්මානය, හෙල්ල විසිකිරීමේ කාන්තා Crysbro Next Champ of the Yearසම්මානය, හොදම පිතිකරු Crysbro Next Champ of the Yearසම්මානය, හොදම පන්දුයවන්නා Crysbro Next Champ of the Yearසම්මානය, ආදී වශයෙන් සම්මාන 30ක් පමණ ඒ ඒ ක‍්‍රීඩා ඉසව්වල සුපිරි දක්‍ෂතා දක්වන යොවුන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ප‍්‍රදානය කිරීමට නියමිතයි.

එදා මෙදාතුර කිකට්, රගර් වැනි ක‍්‍රීඩා ඉසව් අතලොස්සක් පමණක් ජාත්‍යන්තර වශයෙන් ජයග‍්‍රහණ අත්කරගෙන තිබුණත්, ඔලිම්පික් මට්ටමින් පදක්කම් දිනාගෙන ඇත්තේ තවමත් දෙකක් පමණයි. සුසන්තිකා ජයසිංහගෙන් පසුව තවමත් අපට ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමට හැකි වී නැත. ශ‍්‍රී ලාංකීය ක‍්‍රිඩාව ජාත්‍යන්තරය දික්විජය කිරීමේ ජාතික හැගීම පෙරදැරිව මතු බලපොරොත්තු තැබිය හැකි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පරපුරක් රටට දායාද කිරීමේ අරමුණෙන් ජාතියේ පෝෂණ සහකරු වන ක‍්‍රිස්බ්‍රෝ විසින් Crysbro Next Champ of the Yearසම්මාන උළෙල සංවිධානය කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ක‍්‍රිස්බ්‍රෝ ආයතනයේ ජේ්‍යෂ්ඨ අලෙවි කළමනාකාර අමෝරස් සෙලා මහතා ප‍්‍රකාශ කරන්නේ සැබෑ දක්‍ෂතා ඇති ක‍්‍රීඩා පරපුරක් අපට සිටියත්, ආර්ථික අපහසුතා නිසා බෙහෝ පිරිසක් ක‍්‍රිඩාවට සමුදෙන බවයි. ඒ වැනි දක්‍ෂතා ඇති ක‍්‍රිඩා පරපුරක් රටට හදුන්වා දීමේ අරමුණෙන් Crysbro Next Champ වැඩසටහන ආරම්භ කළ බව කියා සිටි අමෝරස් සෙලා මහතා, ඉතා විනිවිද භාවයෙන් ජාතික පාසැල් කණිෂ්ට මළල ක‍්‍රීඩා සංගමය, ක‍්‍රීඩා අමාත්‍යංශය සහ අධ්‍යාපන අමත්‍යංශයේ සහය ඇතිව සම්මාන උළෙල සදහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තොරා ගන්නා බව කියා සිටියේය.

1972 වර්ෂයේදී කුකුළු පැටවුන් 100 දෙනෙකුගෙන් ඇරඹි ක‍්‍රිස්බ්‍රෝ එතැන් පටන් වෙළෙඳපොල ප‍්‍රමුඛයා වීමේ දැක්ම පෙරදැරිව කටයුතු කිරීම ඇරඹීය. ප‍්‍රමිතිය, නැවුම්බව සහ නව්‍යකරණය සඳහා ඉහළ වැදගත්තමක් ලබා දෙමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම කුකුළු නිෂ්පාදන ව්‍යාපාරික ආයතනය බවට පත් විය. මව් ගොවිපොළ, අභිජනන ගොවිපොළ, බ්‍රොයිලර් ගොවිපොළ සහ කුකුළු ආහාර නිෂ්පාදන ක‍්‍රියාවලියක් ඇතුළු පුළුල් පරාසයක ක‍්‍රිස්බ්‍රෝ හි අතු පතර විහිද පවතී. ‘ගොවිපොළේ සිට ආහාර මේසය දක්වා’ යන සංකල්පය ක‍්‍රිස්බ්‍රෝ සාර්ථකත්වයෙහි ගමන් මගෙහි සංකල්පය වී තිබේ. ක‍්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරයේ සාර්ථකත්වයට බාහිර කුකුළු නිෂ්පාදකයින්, ඉරිඟු වගා කරුවන් මෙන්ම සමස්ත ශ‍්‍රී ලාංකීය පාරිභෝගික ප‍්‍රජාවගෙන්ද ලැබෙනුයේ සුවිසල් සහයෝගයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *