හුංගම දී බස්රථයෙක් වැවකට පෙරලෙයි – අයෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – අම්බලන්තොට හුංගම පොලිස් වසමේ නෝනගම ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් මගියෙකු මියගොස් තවත් මගීන් 04දෙනෙකු තුවාල ලබා ඇත.

අද(10) අළුයම 01.20ට පමණ කොළඹ සිට කතරගම දක්වා ගමන්ගත් පුද්ගලික මඟී ප්‍රවාහන බස් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

අම්බලන්තොට, නෝනඟම වැව අසළ වංගුවේදී රියදුරුට රිය පාලනය කර ගත නොහැකි වීමෙන් බස් රථය නෝනගම වැවට පෙරළී ඇත.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ කතරගම, නව නගරයේ පදිංචි 32හැවිරිදි රසික ගයාෂාන් නැමැති අයෙකි.

අනතුර සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හුංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *