මොහොමඩ් අබ්බාස් වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා

(කොළඹ, ලංකාපුවත්) –පාකිස්ථාන ක්‍රිකට් සම්මාන උළෙලේ දී වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය මොහොමඩ් අබ්බාස් හට හිමිව තිබේ.

පසුගිය බදාදා(08) කරච්චි නුවර දී ක්‍රිකට් සම්මාන උළෙල පවත්වන ලදි.

එහිදී වසරේ එක්දින ක්‍රීඩකයාට හිමි සම්මානය හසන් අලීට හිමිව ඇත.

බාබර් අසාම් වසරේ විස්සයි විස්ස ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වී තිබේ.

සුවිශේෂී දක්ෂතා දැක්වීම වෙනුවෙන් ෆකර් සමාන් විශේෂිත වූ සම්මානයකින් පිදුම් ලබා ඇති අතර පාකිස්ථාන කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඩ් ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කළ වසරේ ක්‍රීඩකයා ලෙස සම්මානය පාත්‍ර වූ බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *