(කොළඹ, ලංකාපුවත්) – හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ අවසන් කර වාර්තා සියල්ල නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය අද(10) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැඳවූවාය. මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ පනස් නවයක් සටහන් කරගෙන ඇති බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.
ඒ අතර මැති ඇමැතිවරුන් 6 දෙනෙකු රාජ්‍ය නිලධාරීන් 14 ක් සහ මාධ්‍යවේදීන් තිස් දෙනකුගේ ප්‍රකාශ ඇතුළත් වන බව පොලිසිය සිය වාර්තාවෙන් සඳහන්වේ. සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කර වාර්තා නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවත් නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තුරු නඩුව සඳහා කැදවීමේ දිනයක් ලබා දෙන මෙන් ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම් පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පැමිණිල්ල නැවත ඔක්තෝම්බර් මස 19 වනදා කැඳවීමට නියෝග කළ අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන්ද පොලිසියට නියම කරන ලදි.