ධිවරයට හෝ ධිවර කර්මාන්තයට හානිදායක කිසිවකට ඉඩ තියන්නේ නැහැ – ඇමති දිලිප් වෙදආරච්චි

(කොළඹ, ලංකාපුවත්) –තම එකම පැතුම මෙරට ධීවරයා ඉහල තලයකට ඔසවා තැබීම බැවින් ඒ වෙනුවෙන් කල හැකි සියල්ල නොපැකිලිව කිරීමට තමන් කිසිවිටෙක පසුබට නොවන බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා සදහන් කළේ එදා රටේ ඉහල පැලැන්තිය සමාජයෙන් කොන් කල ධීවරයා අද නව ව්‍යවසායකයෙකු බවට පත් කිරීමට හැකියාව ලැබී ඇති බවයි.

ධිවර ජනතාවට වැඩි ප්‍රතිලාභ හිමි වන නව රක්‍ෂණ සැලසුමක් හදුන්වාදීම සහ එම රක්‍ෂණ හිමිකම් සහතික ධිවර ජනතාවට ලබාදීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙම නව රක්‍ෂණ සැලසුම සදහා එක් ධීවරයෙක් වසරකටම ගෙවිය යුත්තේ රුපියල් 995 වැනි මුදලක් පමණි.

එහි ප්‍රතිලාභ ලෙස ගොඩබිම හෝ මහ මුහුදේ වන අනතුරකදී රුපියල් ලක්‍ෂ 12 ක් , ස්වභාවික මරණයකදී රුපියල් ලක්‍ෂ දෙකහමාරක්, රෝහල් ගාස්තු, දරුවන්ගේ අධ්‍යාපනය සදහා වියදම් ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *