(කොළඹ, ලංකාපුවත්) –මතුගම, මැණික්ගොඩ ප්‍රදේශයේදී සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 06 වනදා මතුගම, මැණික්ගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කළ පුද්ගලයින් තිදෙනෙකුට වෑන් රථයකින් පැමිණි නාදුනන පිරිසක් විසින් පහරදී එක් පුද්ගලයෙකු ඝාතනය කර තිබුණි.
මතුගම පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ විමර්ශනයකදි මතුගම, විතාන මාවත ප්‍රදේශයේදී අදාළ සැකකරුවන් තිදෙනාව පසුගිය සෙනසුරාදා(11) රාත්‍රියේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 31, 33 සහ 34 හැවිරිදි වියේ පසුවන්න් වන අතර ඔවුන් මතුගම ප්‍රදේශයේම පදිංචිකරුවන්ය.
සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (12) ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
මතුගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.