වතු ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කළ බව අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) –වතුකරයට නව ගම්මාන ඉදිකිරීමට දුන් පොරොන්දුව අනුව ආණ්ඩුවේ තුන්වෙනි වසර අවසන්වන විට මහත්මා ගාන්ධිපුරම් ගම්මානය විවෘත කිරීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

‘මහත්මා ගාන්ධි පුර‘ ගම්මානය විවෘත කිරීමට එම ගම්මානයට ඊයේ(12) පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රදේශවාසීන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ගම්මානයේ ජල යෝජනා ක්‍රමය ද අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත විය.

ගම්මානය නිවාස හාරසීයකින් සමන්විතය. ඉන්දීය රජයේ ආධාර යටතේ සහ කදුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමත්‍යාංශය එක්ව නුවරඑළිය ඩන්සින් වතුයායේ ‘මහත්මා ගාන්ධි පුර‘ නිවාස යෝජනා ක්‍රමය ඉදි කොරුණි.

නිවාස 404කින් සමන්විත ‘මහත්මා ගාන්ධි පුර‘ නිවාස ව්‍යාපෘතියේ නිවාස ලාභීන් සදහා පර්චස් හතක නිරවුල් ඔප්පු ද ලබා දීම අගමැතිතුමා අතින් සිදු විය.

වතුකම්කරු ජනතාව සදහා තවත් නිවාස දස දහසක් ඉදිකිරීමට අදාළ අවබෝධතා ගිවිසුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්දු සහ අමාත්‍ය පලනි දිගම්බරන් යන මහත්වරුන් අත්සන් තැබුහ.

නිවාස ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල රුපියල් බිලියන දොළහකි. ඒ ඉන්දීය රජයේ ආධාර මතය.

උත්සවසභාව ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ වත්මන් ආණ්ඩුවට බලය ලබා දුන්නේ යහපත් රටක් බිහිකිරීමට බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *