කේරළ ප්‍රාන්තයේ ගංවතුර නිසා 39ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –ගංවතුර හේතුවෙන්, දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මිය ගිය සංඛ්‍යාව 39ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙයින් සිදුවූ හානිය අමෙරිකානු ඩොලර් බිලියන 1.2කට ආසන්න බව සදහන් වේ. වර්ෂාව හා ගංවතුර හේතුවෙන් 54,000කට අධික පිරිසක් අවතැන්ව සිටින බව එරට බලධාරීන් සදහන් කර ඇත. කේරළය හරහා ගලායන ගංගා 44න් බහුතරයක් මෝසම් වර්ෂාව සමග පිටාර ගැලීමෙන් අධික ගංවතුර තත්වය හටගෙන තිබේ.

වාර්ෂිකව අගෝස්තු මාසයේ කේරළ ප්‍රාන්තයට ඇදහැලෙන වර්ෂාව මිලිමීටර 150 ඉක්මවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. ධීවරයින්ට මුහුදු යාමෙන් වළකින ලෙස ද අනතුරු අඟවා තිබේ.

කේරළය අවට මුහුදු හා වෙරළබඩ ප්‍රදේශවල සුළඟේ වේගය පැයකට කිලෝමීටර් 35-45ත් අතර වේ. එය ඇතැම් අවස්ථාවල පැයට කිලෝමීටර 60 දක්වා ඉහළ හා හැකි බවද දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *