ඉතාලියේ පාලමක කොටසක් කඩා වැටී 38ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –උතුරු ඉතාලියේ වරාය නගරයක් වන ජෙනෝවාහි පාලමක කොටසක් කඩා වැටීමෙන් අද (14) පුද්ගලයින් 38ක් ජීවිතක්ෂයට පත්ව ඇත.

අධික වර්ෂාව මධ්‍යයේ පාලමේ කොටසක් මෙලෙස කඩා වැටී ඇති අතර එම කොටස් කඩා වැටී ඇත්තේ දුම්රිය මගකට, ඒ ආසන්නයේ තිබෙන ගොඩනැගිලි හා අසලින් ගඟකටය.

අනතුරු සිදුවන විට පාලම මත මෝටර් රථ 30ත් 35ත් අතර සංඛ්‍යාවක් සහ බර වාහන පහකට ආසන්න සංඛ්‍යාවක් තිබී ඇත.

මීටර 45කට ආසන්න උසකින් පිහිටි පාලමේ ඉතිරි කොටසක් ද කඩා වැටීමේ අවදානමක් ඇති බැවින් ඒ ආසන්නයේ ගොඩනැගිලිවලින් ජනතාව ඉවත් කිරීමට ද ඉතාලි බලධාරීන් උපුටා දක්වමින් එරට අන්සා පුවත් සේවය වාර්තා කර තිබිණි.

අනතුර වූ සැණින් සහන සේවකයන්, ආරක්ෂක අංශ හා ගිනි නිවන භටයන් එම ස්ථානයට පැමිණ අතර මුදා ගැනීමේ මෙහෙයුම් දියත් කර ඇත.බොහෝ පිරිසක් වාහන තුළත් සුන්බුන් තුළත් සිර වී ඇතැයි ද වාර්තා වූ අතර ගිනි නිවන භටයන් 200කට ආසන්න පිරිසක් එම ස්ථානයට පැමිණි සිටි බවත් ඉතාලි මාධ්‍යය වාර්තා කළේය.

අනතුර හේතුවෙන් 13 දෙනකු රෝහල් ගත කළ බවත් ඉන් පස් දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් එම වාර්තාවල දැක්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *