මන්ත්‍රී සාමූහිකය ජයවර්ධනපුර සරසවිය හා මාර්තු 12 ව්‍යාපාරය අතර අවබෝධතා ගිවිසුමක්

(කොළඹ, ලංකාපුවත්) –මාර්තු 12 ව්‍යාපාරය නියෝජනය කරන පිරිසිඳු දේශපාලනයක් සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහකයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු විවාදයන්හීදී අවශ්‍යවන පර්යේෂණාත්මක තොරතුරු ලබාදීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට අද (15) අත්සන් තැබින.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, පිරිසිඳු දේශපාලනයක් සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහිකය නියෝජනය කරමින් පා.ම ආශු මාරසිංහ, පා.ම තාරක බාලසූරිය හා පා.ම එම්.තිලකරාජ් යන මහත්වරුන්ද මාර්තු 12 ව්‍යාපාරය නියෝජනය කරමින් පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාද මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.

එම ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු මාධ්‍යය ඇමතූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසූයේ මෙය ජාතික කර්තව්‍යයක් බවයි. තවද ජාතික දේශපාලනයේ නියැලෙන මහජන නියෝජිතයින්ගේ දැනුම හා කුලසලතා වර්ධනය කිරීම සඳහා වන පාඨමාලා ආරම්භ කිරීම සඳහා ඇති අවස්ථා සම්බන්ධයෙන් ඉදිරියේදී සොයාබලන බවද මහාචාර්යවරයා පැවසීය.

මෙම ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, ආචාර්ය ඩී.පී.එස් චන්ද්‍රකුමාර, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ, ආචාර්ය ශිරන්ත හීන්කෙන්ද යන මහත්වරුන්ද පිරිසිඳු දේශපාලනයක් සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහකය නියෝජනය කරමින් පා.ම මහාචාර්ය ආශු මාරසිංහ, පා.ම තාරක බාලසූරිය හා පා.ම එම්.තිලකරාජ් යන මහත්වරුන්ද මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටුව නියෝජනය කරමින් රෝහණ හෙට්ටිආරච්චි, චාමින්ද රාජකරුණා, මංජුල ගජනායක, සමන් හමංගොඩ හා තිස්ස විජේතුංග මහත්වරුන්ද දයා හේරත් මහත්මිය හා උපේක්ෂි ප්‍රනාන්දු මෙනෙවියද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *