ලිඳකින් මවකගේ සහ දරුවෙකුගේ මළ සිරුරු හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – වව්නියාව,කෝමාන්කුලම ප්‍රදේශයේ ලිඳක තිබි මවකගේ හා වයස අවුරුදු 04ක දරුවෙකුගේ මළ සිරුරු දෙකක් අද(15) දහවල් සොයාගෙන ඇත.

වව්නියාව පොලීසිය පැවසූවේ කෝමාන්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක් වන කාන්තාවකගේ සහ ඇයගේ වයස අවුරුදු 04ක් වන දරුවාගේ මළ සිරුර එලෙස සොයාගත් බවයි.

අදාළ මව හා දරුවා පදිංචිව සිටි නිවසට ඉදිරියෙන් පිහිටි නිවසේ ළිඳ තුළ තිබි අදාළ මළ සිරුරු සොයාගෙන තිබේ.

වව්නියාව මූලස්ථාන පොලිසියේ මැදිහත්වීමෙන් අපරාධ ස්ථාන පරීක්‍ෂණ නිලධාරීන් ද එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර ඇත.

මහේස්ත්‍රාත් පරීක්‍ෂණය සිදු කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කිරීම සදහා මෘතශරීර වව්නියාව රෝහල වෙත
රැගෙන ගොස් තිබේ. වැඩිදුර විමර්ශන වව්නියාව පොලිසිය විසින් සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *