කුරුඳු අපනයනයෙන් වාර්තාගත ආදායමක්

(කොළඹ, ලංකාපුවත්) – 2017 වසරේ කුරුඳු අපනයනයෙන් වාර්තාගත ආදායමක් උපයාගෙන ඇතැයි, කුරුඳු පර්යේෂණායතනය පවසයි.

එය 2016 වර්ෂයට සාපේක්ෂව 30%ක ඉහළ යාමකි. ලෝකයේ උසස් තත්වයේ කුරුඳු නිෂ්පාදකයෙක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ. මේ නිසා ලෝක වෙළෙදපොළේ ඉහළ ඉල්ලුමක් පවතින බව කුරුඳු පර්යේෂණායතනය සදහන් කරනු ලැබේ.

කෙසේ වුවද, ලෝකයේ කුරුඳු අවශ්‍යතාවයෙන් ශ්‍රී ලංකාව සපයනු ලබන්නේ, 18%ක් පමණි. 2016 වර්ෂයට සාපේක්ෂව 2017 වසරේ රුපියල් මිලියන 2010ක ආදායමක් ලබා ගැනීමට ද හැකිවිය. කුරුඳු වගාව කෙරෙහි ගොවීන් දිරිගැන්වීමත්, ගෘහාශ්‍රිතව කුරුඳු වගාව ප්‍රචලිත කිරීමත් මෙම දියුණුවට හේතුවී තිබේ.

ඉල්ලුම ඉහළ යාම හේතුවෙන්, කුරුඳු සඳහා ඉහළ මිලක් ලැබීම ද, වගාවේ අභිවෘද්ධියට හේතුවී ඇත. තවදුරටත් වගාව ප්‍රචලිත කිරීම සඳහා කුරුඳු පර්යේෂණායතනය විසින් වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *