දුෂ්කර පාසල් දරුවන්ට මේ වසරේදීත් පාවහන් තිළිණපත්

(කොළඹ, ලංකාපුවත්) – දුෂ්කර පාසල්වල සිසුන්ට පාවහන් මිල දී ගැනීමට තිළිණපත් ලබා දීම මේ වසරේ (2018) ද ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

පසුගිය වසරේ (2017)දී ද දුෂ්කර පාසල්වල සිසුන් 648,151 දෙනකුට පාවහන් මිල දී ගැනීම සඳහා තිළිණ පත් ලබා දී තිබුණි.

මෙමඟින් එම සිසුන්ගේ මවුපියන්ට සැළකිය යුතු ආර්ථික සහනයක් හිමි වූ බැවින් 2018 වසරේ ද එම වැඩසටහන ක්‍රියත්මක කළ යුතු යැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *