වර්ජනය පැවතුණත් බස් දුවයි

(කොළඹ, ලංකාපුවත්) – පෞද්ගලික බස් රථ සේවක සංගමය විසින් ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ක්‍රියාත්මක කර තිබුණද බොහෝ පෞද්ගලික බස් රථ වෙනදා මෙන් අද (16) දිනයේදීත් ධාවනයට එක්ව ඇති බව දක්නට තිබේ.

මෙම වර්ජනය සඳහා පෞද්ගලික බස් රථ රියඳුරන් හා කොන්දොස්තරවරුන් එක්ව සිටියත් ඒ සඳහා බස් රථ හිමිකරුවන් එක්ව නොමැත.

වැඩි කළ ස්ථානීය දඩ මුදල් අඩු කරන ලෙස ඉල්ලා පෞද්ගලික බස් රථ රියදුරන් පිරිසක් මෙලෙස වර්ජනයක් ආරම්භ කර තිබේ.

කෙසේ නමුත් වර්ජනයට මුහුණ දීමට සූදානම් බව රජය අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *