අසාධාරණ බස් සේවක වර්ජනය අසාර්ථකයි

(කොළඹ, ලංකාපුවත්) – ඉකුත් 15වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බස් වැඩවර්ජනය අසාර්ථක එක්ක බව කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය සදහන් කරයි.

එම සංගමය මේ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

අසාධාරණ බස් සේවක වර්ජනය අසාර්ථකයි

රථවාහන සඳහා මෑතකදි හදුන්වා දුන් නව දඩ ගාස්‌තු ක්‍රමයට විරෝධය පළ කිරීමට පෞද්ගලික බස්‌ රථ සේවක සංගමය ඇතුළු පිරිසක් විසින් 15වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අසාර්ථක බව දිවයින පුරා සිටින කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමයේ සාමාජිකයන් විසින් තහවුරු කර තිබේ.

මෙම බස් රථ සේවක වර්ජනය ධාවන මාර්ග සීමිත ගණනකට පමණක් සීමා වූ වර්ජනයක් බවට පත්ව ඇති අතර, එම මාර්ගවල අපහසුතාවයට පත්වන මගීන් වෙනුවෙන් ද තවදුරටත් බස් රථ යෙදවීමට රජය කටයුතු කළ යුතුව ඇත.

එසේම අ.පො.ස. උසස්පෙළ විභාගය පැවැත්වෙන මෙම සංවේදී අවස්ථාවේදී සිදුකරන මෙම වර්ජනය අප, සංගමයක් ලෙස පිළිකුල් සහගතව හෙළා දකින අතර පවත්නා ගැටළු සාකච්ජා මාර්ගයෙන් විසඳාගත යුතු බව අපි විශ්වාස කරමු.

වර්ජනයට සහය නොදක්වා සිය ධාවන කටයුතු සිදුකරන බස්රථ හිමියන් සහ සේවක මහත්වරුන්ට අපගේ ස්තුතිය පුදකරන අතර මගී ජිවිත ආරක්ෂා කරගැනිම වෙනුවෙන් දඩ අයකරගැනිමෙන් නොනැවතී, දිගු කාලින සහ තිරසාර විසඳුම් හඳුන්වා දීමට රජය විසින් කටයුතු කළ යුතු බව ද, බස් රථ සඳහා දඩ ගාස්‌තු පහල දැමිම කිසිසේත්ම නොකල යුතු බව ද අප නැවත වරක් අවධාරණය කරනෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *