චීන ගුවන් යානයක් 165 ක් සමග අනතුරට

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ Xiamen ගුවන්සේවයට අයත් බොයිං 737 දරණ ගුවන් යානයක් ,මගීන් හා කාර්ය මණ්ඩලයේ 165 ක් සමග පිලීපිනයේ මැනිලා ගුවන්තොටුපලට ගොඩ බැස්විමේදි ධාවන පථයේ ලිස්සා ගොස් අනතුරට පත්ව ඇති බව ඇත.

ගිණිකොණ දිග චිනයේ සිට පිලීපිනයේ මැනිලා නුවර බලා පියාසර කළ මෙම ගුවන් යානය අද (17) පිලිපින වේලාවෙන් පස්වරු 04 ට අනතුර සිදුව තිබේ.

කෙසේ වෙතත් මෙම අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම සිද්ධිය හේතුවෙන් මැනිලා ගුවන්තොටුපගේ කොටසක් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇති බව ද සදහන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *