මැදවච්චිය සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනය තාවකාලිකව නවතයි

(කොළඹ, ලංකාපුවත්) –මැදවච්චිය සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනය අද(17) සිට තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මුරුන්කන් හා මන්නාරම අතර ප්‍රධාන පාලමක අලුත් වැඩියාවන් අද ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව දුම්රිය ධාවනය මාස තුනකට අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මන්නාරම දක්වා ධාවනය කෙරෙන දුම්රිය මැදවච්චිය දක්වා ධාවනය කෙරේ.

මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා බස් රථ යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *