කීත් නොයාර් ගැන කට උත්තර දෙන්න මහින්ද බන්දුලත් එක්කම එයි

(කොළඹ, ලංකාපුවත්) –මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂන දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අද(17) කට උත්තරයක් ලබාගෙන තිබේ.

ඒ හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම නිල නිවසේදී ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිවසට පැමිණෙන විට ඔහු එහි නොසිටි අතර පසුව බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා සමඟ පැමිණ කට උත්තරයක් ලබාදී තිබේ.

මාධ්‍යවේදී කීත් නොයාර් 2008 වසරේ මැයි මස 22 වනදා දෙහිවල වෛද්‍ය පාරේ පිහිටි සිය නිවස අසලදී පැහැරගැනීමට ලක්වූ අතර දින කිහිපයකට පසු ඔහු මුදා හැර තිබුණේ කෲර ලෙස වධ හිංසනයට ලක් කිරීමෙන් අනතුරුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *