‘ධනාභිමානී‘ පළමු අපනයන ගම්මානය අගමැති අතින් විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –රජයට වසර තුනක් සපිරීම වෙනුවෙන් ආරම්භ වන ‘ධනාභිමාණී‘ අපනයන ගම්මාන 5500 ව්‍යාපෘතියේ පළමු ගම්මානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(17) විවෘත කෙරුණි.

ඒ මොනරාගල කොටියාගලදී ය.

මෙහි පළමු අදියර යටතේ 2018 වසර තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 200 ක ගම්මාන 5 බැගින් අපනයන ගම්මාන දහසක් ආරම්භ කිරීමට සැලසුම්කර තිබේ.

එක් එක් ප්‍රදේශවලට ආවේනික කර්මාන්ත මුල්කර ගනිමින් මෙම අපනයන ගම්මාන ආරම්භ කරන බව අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *