ATM යන්ත්‍ර වලට සයිබර් ප්‍රහාරයක්

(කොළඹ, ලංකාපුවත්) –ලොව පුරා ස්ථාපිත කර තිබෙන ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර හරහා මුදල් සොරා ගැනීමේ මහ පරිමාණ සයිබර් ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක් සම්බන්ධයෙන් අමෙරිකාවේ FBI සංවිධානය විසින් මුල්‍ය ආයතන වෙත අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

FBI සංවිධානය සදහන් කරන්නේ ගිණුම් හිමියන් වෙත මුල්‍ය සමාගම් විසින් නිකුත් කර තිබෙන ATM කාඩ් පත් වලට සමාන ක්ලොන කාඩ් යොදා ගනිමින් මෙම සයිබර් අපරාධකරුවන් ගිණුම් හිමියන්ගේ ගිණුම් වලින් මුදල් සොරා ගැනීමට ඉඩ ඇති බවයි.

ඒ සදහා බැංකු පද්ධතියේ පවතින කාඩ් හිමියන්ගේ දත්ත සයිබර් අපරාධකරුවන් සොරා ගෙන ඒ හරහා මෙම අපරාධය කිරිමට සැලසුම් කර ඇති බව සදහන්ය.

එමෙන්ම සති අන්තයේ බැංකු සහ මුල්‍ය ආයතන වසා ඇති බැවින් මෙම ප්‍රහාරය එවැනි කාලයක් තුලදී සිදුකිරීමට ඉඩ කඩ ඇති බවද FBI සංවිධානය සදහන් කර සිටි.

සයිබර් අපරාධකරුවන්ට අවශ්‍ය වී ඇත්තේ කෙටි කාලයක් තුලදී වැඩි මුදලක් සොරා ගැනීමට බවත් මේ සදහා ඔවුන් යුරෝපය ඇතුළු ලොව ඕනෑම රටක සිට ක්‍රියාත්මක වීමේ අවධානමක් පවතින බවයි FBI සංවිධානය සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *