මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ගැන කියන්න දුරකථන අංක 03ක්

(කොළඹ, ලංකාපුවත්) –පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පිළිබද දැනුම් දීමට විශේෂ දුරකථන අංක 03 ක් ඊයේ(19) හදුන්වාදෙනු ලැබීය.

මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී මද්‍යසාර පිළිබදව මෙන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තැනැත්තන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම අරමුණු කර ගනිමින් පොලීසිය විසින් මෙම විශේෂ දුරකථන අංක හඳුන්වා දී ඇත.

ගම්පහ, මීගමුව සහ කැළණිය යන පොලිස් කොට්ඨාශ මූලික කර ගනිමින් මෙහි පළමු අදියර දිවුලපිටිය ප්‍රදේශයේදී ඊයේ ආරම්භ විය.

මේ අනුව මීගමුව පොලිස් කොට්ඨාශය සඳහා 0713 680 001 යන දුරකථන අංකයට ද ගම්පහ පොලිස් කොට්ඨාශයට 0713 210 001 යන දුරකථන අංකය ඇමතීමෙන් අදාළ තොරතුරු ලබාදීමට හැකිය.

එමෙන්ම 0713 580 001 යන දුරකථන අංකය ඇමතීමෙන් කැළණිය පොලිස් කොට්ඨාශයේ මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී මධ්‍යසාර පිළිබඳ තොරතුරු ලබාදීමේ හැකියාව පවතින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *