මිචෙල් ජොන්සන් සමුගැනීමට තීරණය කරයි

(කොළඹ, ලංකාපුවත්) –ඕස්ටේ‍්‍රලියා වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ජොන්සන් ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

මේ වනවිට 36 හැවිරිදි වියේ පසුවන වමතින් වේග පන්දු යවන මිචෙල් ජොන්සන් ඕස්ටේ‍්‍රලියාව වෙනුවෙන් ක‍්‍රීඩා කර ඇති එක්දින තරග සංඛ්‍යාව 153ක් වන අතර එහිදි ඔහු කඩුලූ 239ක් බිඳ හෙළා තිබේ.

එසේම ටෙස්ට් තරග 73ක් ක්‍රීඩා කර ඇති ඔහු බිඳ හෙලා ඇති කඩුලූ සංඛ්‍යාව 313 කි.

2015 වසරේ සිට මේ දක්වා මිචෙල් ජොන්සන්ට ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ ස්ථානයක් හිමි වූයේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *