ආනයනික අර්තාපල් සදහා රු.40ක බද්දක්

(කොළඹ, ලංකාපුවත්) –ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 40ක බද්දක් පැනවීමට රජය තීරණය කර තිබේ.

මේ නිසා, දේශීය අර්තාපල් ගොවීන්ට ඉහළ ආදායමක් ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේය. දේශීය ගොවියා ආරක්ෂා කිරීමට රජය මෙම පියවර ගත් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. ඉදිරියේ දී බඩ ඉරිඟු සහ ලූණු සඳහා ද මෙවැනි පියවරක් ගන්නා බව අමාත්‍යවරයා සදහන් කළේය.

රජයේ අපේක්ෂාව දේශීය ගොවියා ශක්තිමක් කරමින් ඔවුන් තවදුරටත් වගාව සඳහා උනන්දු කරවීමයි. පසුගිය කාලයේ දේශීය අර්තාපල් වෙළෙදපොළට පැමිණෙන අවස්ථාවේ පිට රටින් ආනයනය කිරීම නිසා, දේශීය අර්තාපල් ගොවීන්ට නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබාගැනීමට නොහැකි විය. මීට පෙර සිදුවුණේ අර්තාපල් අස්වනු නෙලා ගැනීමට පෙර ආනයනකරුවන් විදේශීය අර්තාපල් තොග මෙරටට ගෙනවිත් ගබඩාකර තැබීමයි. ඔවුන් දේශීය අර්තාපල් ඉතා අඩු මිලට ගැනීමට පෙළඹී සිටියි.

අමාත්‍යවරයා ගොවීන් සමග කළ සාකච්ජාවකින් පසුව අර්තාපල් කිලෝවක් සඳහා රුපියල් 40ක තීරු බද්දක් පැනවීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාගත්තේය. දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 140ත් 160ත් අතර මිලකට මිල දී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *