ජපාන ආරක්ෂක ඇමති දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – ජපාන ආරක්ෂක අමාත්‍ය ඉත්සුනෝරි ඔනොඩෙරා මහතා, දෙදින නිල චාරිකාවක් සඳහා ඊයේ(20) රාත්‍රී දිවයිනට පැමිණියේය. දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම එහි අරමුණ වේ.

ජපාන ආරක්ෂක අමාත්‍ය ඉත්සුනෝරි ඔනොඩෙරා, ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ පස්දින නිල චාරිකාවක නිරතව සිටි.

දෙදින ඉන්දීය චාරිකාව නිමා කරමින්, ඔහු ඊයේ රාත්‍රී දිවයිනට ළගා වුණේ චාරිකාවේ අවසන් ගමනාන්තය ලෙසයි.

ජපාන ආරක්ෂක අමාත්‍යවරයා සමග 19 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

ජපාන ආරක්ෂක අමාත්‍ය ඔනොඩෙරා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා හමුවී සාකච්ජා කිරීමට නියමිත‍ය.

ඔහු හම්බන්තොට ප්‍රදේශයේ චාරිකා කිරීමට ද අපේක්ෂා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *