ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලී පෙරහැර අද

(කොළඹ, ලංකාපුවත්) –ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලී පෙරහැර අද(21) වීථි සංචාරය කෙරේ.

අද සිට ලබන 24 වනනදා දක්වා රන්දෝලී පෙරහැර වීථි සංචාරය කෙරෙන අතර අවසන් රන්දෝලී පෙරහැර ලබන 25 වනදා වීථි සංචාරය කිරීමට නියමිතය.

ඊයේ (20) මහනුවර පැවති මාධ්‍ය හමුවක් අමතමින් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසුවේ පෙරහැර නැරඹීමට පැමිනෙන සියලුම ජනතාවට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවය.

දියවඩන නිලමේවරයා එහිදී ජනතාවගෙන් ඉල්ලිමක් කරමින් පැවසුවේ පෙරහැර නැරඹිමට පැමිණෙන විට ගෙන එන පොලීතින් ප්ලාස්ටික් බොතල් වැනි අපද්‍රව්‍ය තමන් සිටින පරිසර අපවිත්‍ර වන පරිදි නොදමා නිවැරදි බැහැර කිරිමේ කටයුතු සිදු කරන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *