කීත් නොයාර්ට පහරදීමේ සිද්ධිය හිටපු ජනපතිට අමතකලූ

(කොළඹ, ලංකාපුවත්) – මාධ්‍යවේදී නීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමාට මතක නැති බවත්, මෙම ආණ්ඩුව තමාට මඩ ගැසීමට මුල්‍ය අපරාධ කොට්ඨාසය යොදා ගන්නා බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

ඔහු ඒ බව කියා සිටියේ සිද්ධිය සම්බන්ධ පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදුන් අවස්ථාවේදීය.

කීත් නොයාර් මහතාට පහරදීමේ සිද්ධියට අදාළ නඩුව ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හමුවේ ඊයේ(20) කැඳවනු ලැබීය.

එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මහත්මිය විසින් හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පිළිබඳ අධිකරණය දැනුවත් කරනු ලැබීය.

පසුගියදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඔස්ට්‍රේලියාවට ගොස් නෙයාර් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ෙගන තිබුණි.

එහි දැක්වෙන්නේ, සෙන්පති යන ආරූඪ නාමයෙන් තමා ලියූ තීරු ලිපියට තොරතුරු ලබාදුන්නේ කවුරුන්ද යන්න, ගිනි අවි පෙන්වා පහරදී ප්‍රශ්න කළ බවයි.

නිවසට පැමිණි පසුව ද තමා පසුපස සුදු වෑන් පැමිණි බව, නොයාර් මහතා පවසා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී අමල් කරුණාසේකර මහතා ද ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇත්තේ, සිද්ධිය සම්බන්ධයෙන් තමාට මතක නැති බවයි.

ලබන 27 වැනිදා දක්වා ඔහු යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *