අයි එස් නායකයාගේ නව හඬ පටයක් නිකුත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –අයි එස් සංවිධානයේ නායකයා වන අබු බකර් අල් බග්ඩාඩිගේ හඩ පටයක් නිකුත් කර තිබේ.

අයි එස් සංවිධානයේ නායකයා නිකුත් කළ හඩ පටයේ මෑතකදී සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් පිළිබද තොරතුරු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අතර තුර්කි රජය ඇමෙරිකානු ක්‍රිස්තියානි පූජකවරයෙකු රදවා තබා ගැනීම සම්බන්ධ සිදුවීමේ තොරතුරුද ඇතුළත් බව වාර්තා වේ.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු අයි එස් සංවිධානයේ නායකයාගේ හඩ පටයක් නිකුත් කළ ප්‍රථම වතාව මෙය වේ.

මොහු පසුගිය පෙබරවාරි මාසයේදී තුවාල ලබා හෝ ජීවිතක්ෂයට පත්ව ඇති බව අමෙරිකා හමුදා අංශ සදහන් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × two =