ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය වරයා ධූරයෙන් ඉවත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල්ව එම ධූරයෙන් ඉවත් කිරීමට පාලක ලිබරල් පක්ෂය තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අනූව නව අග්‍රාමාත්‍යවරයෙකු තෝරා පත්කර ගැනීම වෙනුවෙන් වන ඡන්ද විමසීම මේ වන විට පැවැත්වෙන බවද පැවසේ.

එ අනුව එරට විදේශ අමාත්‍ය ජූලි බිෂොප්, පීටර් ඩුටන් සහ ස්කොට් මොරිසන් ඒ සඳහා තරග වදින බව කියැවේ.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු නව අග්‍රාමාත්‍යවරයා ලෙස ස්කොට් මොරිසන් පත්වීමට වැඩි ඉඩක් ඇතැයි ද එම මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *