අගෝස්තු 31වනදා එන “Zee Bollywood”

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය Zeel සමාගම තම නවතම හින්දි චිත්‍රපට නාලිකාව ලෙස “Zee Bollywood” නාලිකාව අගෝස්තු 31 වැනිදා එළිදැක්වීමට නියමිත බව නිවේදනය කොට තිබේ.

මෙම නව නාලිකාව පැමිණෙන්නේ දැනට පවතින Zeel හි Zee Classic නාලිකාව වෙනුවටය.

මෙම Zee Bollywood නව නාලිකාව සම්ප්‍රදායික හින්දි චිත්‍රපට නාලිකාවලින් ඔබ්බට ගිය Blockbuster ගණයේ හින්දි චිත්‍රපට පමණක්ම විකාශය කරන, හඬ කැවූ දමිළ චිත්‍රපට විකාශය නොකරන හින්දි චිත්‍රපට නාලිකාවක් බවට හඳුන්වා දී තිබේ.

ඉන්දීය හින්දි චිත්‍රපට නාලිකා වෙළදාමේ 35% ක කොටස අත්පත් කරගෙන සිටින Zeel සමාගම සතුව Zee Cinema, &pictures, Zee Action, Zee Anmol Cinema යන හින්දි චිත්‍රපට නාලිකාද පවතින අතර ඒ අනුව Zee Bollywood ඔවුන්ගේ පස්වන හින්දි චිත්‍රපට නාලිකාව බවට පත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *