ඕස්ට්‍රේලියාවේ නව අගමැති ස්කොට් මොරිසන්

(කොළඹ, ලංකාපුවත්) –ඕස්ට්‍රේලියාවේ නව අග්‍රමාත්‍යවරයා ලෙස ස්කොට් මොරිසන් තේරී පත්වී තිබේ.

ඕස්ට්‍රේලියානු හිටපු අගමැති මැල්කම් ටර්න්බුල් සිය පක්ෂ නායකත්වයට එල්ල වූ අභියෝගයෙන් පරාජයට පත්වීම හේතුවෙන් රහස් ඡන්දයක් ඔස්සේ ඕස්ට්‍රේලියානු නව අගමැති ලෙස ස්කොට් මොරිසන් පත්ව ඇති බව වාර්තා වේ.

එම නායකත්ව ඡන්ද විමසුමට හිටපු අගමැති මැල්කම් ටර්න්බුල් සහභාගී නොවී තිබූ අතර ඒ අනුව පීටර් ඩටන් හා ස්කොට් මොරිසන් අතර වූ රහස් ඡන්ද විමසුමෙන් 45 ට 40 ක් ලෙස ජය ගැනීමට ස්කොට් මොරිසන්ට හැකිවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඕස්ට්‍රේලියාවේ 30 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස ලිබරල් පාක්ෂික ස්කොට් මොරිසන් පත්විය.

නව අගමැති පත් වීමෙන් මෙතෙක් පැවැති පාර්ලිමේන්තු අර්බුදය අවසන් වනු ඇතැයි විචාරකයෝ අදහස් දක්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *