ගාමිණි සෙනරත් අතුළු 04ට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයෙන් ඇප

(කොළඹ, ලංකාපුවත්) –ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් කෝටි 50 ක පමණ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ සිද්ධියකට අදාළව පසුගිය රජයේ ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනා ඇප මත නිදහස් කිරිමට බරපතළ මූල්‍ය වංචා පිළිබඳ නඩු විමර්ශනය සඳහා පිහිටුවනු ලැබූ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (24) නියෝග කළේය.

එ අනුව මෙම නඩුව සැප්තැම්බර් 19 වැනිදා යළි කැඳවිමට නියෝග කෙරුණි.

නීතිපතිවරයා විසින් ගොනු කර ඇති මෙම නඩුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය සිය පළමු නඩුව ලෙස විභාගයට ගනු ලැබීය.

මහාධිකරණ විනිසුරුවන් වන සම්පත් අබේකෝන් , සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු විභාගය පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *