මොරටුවෙන් මත්පෙති විකිණූ අමුතු ස්ථානයක් වටලයි

(කොළඹ, ලංකාපුවත්) –මොරටුව පොලිස්ථානයේ දුෂණ මර්ධන අංශය වෙත ලද තොරතුරක් මත මොරටුව මුරවත්ත ප්‍රදේශයේ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මත්පෙති විකුණමින් සිටි ස්ථානයක් වැටලිමට ඊයේ (23) සමත්ව ඇත.

මෙම වැටලීමේදි මත්පෙති විකුණු එකම පවුලේ කාන්තාවන් දෙදෙනෙකු හා තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

දෙහිවලගේ සකුන්තලා කුමාරි පෙරේරා (41) අතුල්ගමගේ හංසිකා කුමාරි(19), ඉසුරු නිමේෂ් (18) යන සැකකරුවන්ව මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

Pregab වර්ගයේ Tramadol -X Apple නම් මත්පෙති 485 ක් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සදහන් කළේය.

මෙම ස්ථානයේ ඇති විශේෂත්වය වන්නේ මෙම ස්ථානයෙන් ලබා ගන්නා මත්පෙති පිටතට රැගෙන ආ නොහැකි අතර ⁣එම පෙති අදාළ ස්ථානයේදීම බීමට සැලැස්වීමත් ය. ඒ සදහා පානයට අවශ්‍ය ජලය පවා මෙම ස්ථානයෙන් ලබාදිම සිදුකරනු ලබන බවට අනාවරණය වී තිබේ.

මෙම සැකකරුවන් අද(24) මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ මොරටුව පොලිස්ථානය විසින් සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *