ජෝන් මැකෙන් අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් වු සෙනෙට් සභික ජෝන් මැකේන් පසුගිය 25වනදා අභාවප්‍රාප්ත විය.

අභාවප්‍රාප්ත වන විට ඔහු 81 වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේය.

හෙතෙම 2017 වසරේ ජූලි මාසයේ සිට මොළයේ පිළිකාවකින් පීඩා විඳි බවයි ඔහුගේ පවුලේ ඥාතීහු පවසා ඇත.

2000 වසරේදී ජෝජ් ඩබ්ලිව්. බුෂ් හේතුවෙන් අපේක්ෂකත්වය අහිමිවුව ද 2008 වසරේදී ඔහු රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සුදුසුකම් ලැබීය.

එහෙත් ඔහු ඩිමොක්‍රටික් අපේක්ෂක බරක් ඔබාමා වෙතින් ජනාධිපතිවරණයේදී පරාජයට පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *