හිටපු යුද හමුදාපති රොහාන් දළුවත්ත අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – හිටපු හමුදාපතිවරයෙක් මෙන්ම, කීර්තිමත් හමුදා සෙන්පතියකු වූ ජෙනරල් රොහාන් දළුවත්ත මහතා අභාවප්‍රාප්ත වේ.

මිය යන විට ඒ මහතා 77වැනි වියෙහි පසුවිය.

1941 මැයි 09වනදා අම්බලන්ගොඩ දී උපත ලද දළුවත්ත මහතා, ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙක් ද වේ.

1961 වසරේ දී ශ්‍රී ලංකා යුද හමුදාවට කැඩෙට් නිලධාරියෙකු ලෙස එක්වූ ඒ මහතා  1998 වසර දක්වා ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන ලදි. දළුවත්ත මහතා 1996 වසරේ සිට 1998 වසර දක්වා 14වන හමුදාපතිවරයා ලෙස කටයුතු කළේය.

උත්තම සේවා පදක්කම, රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම, වීර වික්‍රම විභූෂණය සහ විශිෂ්ඨ සේවා විභූෂණය යන සම්මාන වලින් ද රොහාන් දළුවත්ත පිදුම් ලබා තිබේ.

හමුදා සේවයෙන් පසුව ඔහු බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ලෙසත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ලෙසත්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙසත් කටයුතු කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *