ශ‍්‍රී ලංකා ගෘහණියන්ගේ සංගමයේ දියමන්ති සමැරුමට ක‍්‍රිස්බ්‍රෝ අතහිත

(කොළඹ, ලංකාපුවත්) – වඩාත් ක‍්‍රියාකාරී සහ විශාලතම කාන්තා සංවිධානය වන ශ‍්‍රී ලංකා ගෘහණියන්ගේ සංගමයේ 60 වන රැස්වීමට ප‍්‍රමුඛතම කුකුල් නිෂ්පාදන සන්නාමය වන ක‍්‍රිස්බ්‍රෝ ප‍්‍රධාන අනුග‍්‍රහය දැක්විය.

ඉතා උත්කර්ශවත් අන්දමින් කොළඹ කිංස්බරි හෝටලයේදී පැවති මෙම අවස්ථාවට ගෘහණියන්ගේ සංගමයේ සමාජීකාවන්, ඔවුන්ගේ පවුලේ සමාජික සමාජිකාවන් සහ ආරාධිත අමුත්තන් ඇතුළු 500 කට අධික පිරිසක් සහභාගි විය.

කාන්තා අයිතින් වෙනුනේ හඩ නැගු ක‍්‍රියාකාරිනියක වු ලොර්නා වයිට් විසින් 1958 දී ආරම්භ කරන ලද ගෘහණියන්ගේ සංගමයට, දිවයින පූරා ශාඛා 17 ක් සහ සාමාජිකාවන් 5000 ක් සිටියි. විවිධ සමාජ කණ්ඩායම් සමග කටයුතුකරන ශ‍්‍රී ලංකා ගෘහණියන්ගේ සංගමය, එම ප‍්‍රජාවන්ගේ ජනජීවිතය උසස් මට්ටමකට ඔසවා තැබීමට කටයුතු කරයි. ඒ අනුව අරමුදල් රැස්කිරීම්, අලෙවි කටයුතු හා ප‍්‍රදර්ශන මෙන්ම සංස්කෘත‍්‍රික සැමරුම් වැනි වැඩසටහන් යටතේ ප‍්‍රජා සංවර්ධන සේවාවල නිරත වේ.

දියමන්ති සැමරුම් උත්සවයේ දී අදහස් දැක්වු ශ‍්‍රී ලංකා ගෘහණියන්ගේ සංගමයේ සභාපතිනි සුහෙයිලා හුසේන් මහත්මිය කියා සිටියේ තම සංගමයේ කටයුතුවලට ක‍්‍රිස්බ්‍රෝ වසර ගණනාවක සිට සහයදෙන බවයි. විශේෂයෙන්ම 60 වන සංවත්සරයට ප‍්‍රධාන අනුග‍්‍රහකයින් ලෙස ක‍්‍රිස්බ්‍රෝ ලබාදුන් සහය ඉතා අගය කරන බව ඇය පැවසුවාය. ක‍්‍රිස්බ්‍රෝ විසින් නිරෝගීමත් සහ පොෂ්‍යදායී පරපුරක් බිහිකිරීමට ක‍්‍රිස්බ්‍රෝ ලබාදෙන සහය ඉතා අගය කරන බව හුසේන් මහත්මිය වැඩිදුරටත් ප‍්‍රකාශ කළාය.

ක‍්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරයේ ජේයෂ්ඨ අලෙවි කළමනාකාර අමෝරස් සෙලා මහතා ප‍්‍රකාශ කළේ තම ආයතනයට ගෘහණියන්ගේ සංගමයත් සමග එක්ව කටයුතු කිරීම ස්භාවිකවම ගැලපීමක් බවයි. සෑම ගෘහණියකටම පවුල ප‍්‍රමුඛ වන අතර තම පවුලට පොෂ්‍යදායී හා රසවත් ආහාර වේලක් සපයා ඇය සතුටු වනවා. නිරෝගීමත් අනාගත පරපුරක් බිහිකිරීමෙ සදහා ගෘහණිියගේ මෙම කාර්යභාරයට පාර්ශවකරුවෙකු ලෙස දැයකවීමට ලැබීම අප අගය කර බව අමෝරස් සෙලා මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ආයතනික සමාජ සත්කාරක (CSR)වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කරන ක‍්‍රිස්බ්‍රෝ සමාජ සුබසාධනයට මහගු මෙහෙවරක් සිදුකරයි. ඒ අනුව ,සිසුදිරිය, වැඩසටහන යටතේ ක‍්‍රිස්බ්‍රෝ සේවක සේවීකාවක්ගේ දරුවන්ට ශීෂ්‍යත්ව ලබාදීම, විභාගවලින් ජයගන්නා ළමුන්ට උපකාර කිරීම, පාසල් පොත් හා අනිකුත් උපකරන සැපයීම සුදුකෙරෙයි. ක‍්‍රිස්බ්‍රෝ සමග වැඩකරන ගොවි ප‍්‍රජාව සහ සේවා ස්ථාන අවට සිටින ප‍්‍රජාවගේ ළමුන්ට වෘත්තීය පුහුණුව ලබාදීම, රැුකියා පුහුණුව ලබාදීම මෙන්ම පාසැල් ආශ‍්‍රිතව වෘත්තීය මාර්ගොපදේශන සහ විවිධ අධ්‍යාපන වැඩ සටහන් සංවිධානය කරයි.

“ප‍්‍රජා අරුණ”වැඩසටහන යටතේ ක‍්‍රිස්බ්‍රෝ සේවක සේවිකාවන්ට නිවාස ඉදිකිරීම සහ අලූත්වැඩියාව සිදුකරන අතර ග‍්‍රාමීය ප‍්‍රජාවගේ යටිතල පහසුකම් සංවර්ධනයට ප‍්‍රතිපාදන සපයයි. “දිරි සරිය”වැඩසටහන යටතේ ක‍්‍රිස්බ්‍රෝ සමග වැඩකරන සුඵ හා මධ්‍ය පරිමාණ කුකුඵ ව්‍යාපාරිකයන්ට ව්‍යාපරික අවස්ථාව ලබාදෙමින් කළමණාකාර දැනුම, තාක්‍ෂණික දැනුම, ණය පහසුකම් සහ කුකුඵ ආහාර සපයයි. ඒ අනුව ඔවුන්ගේ බ්‍රොයිල කුකුඵන් ක‍්‍රිස්බ්‍රෝ නිෂ්පාදන සදහා සපයන අතර ලාභායෙන් කොටස්ද එම ගොවියන්ට ලබාදෙයි. “සුව ශක්ති”වැඩ සටහන යටතේ ක‍්‍රිස්බ්‍රෝ සේවක සේවිකාවන්ගේ නිරෝගීමත්බය වර්ධනයට සෞඛ්‍ය ප‍්‍රතිලාභ සැපයීම සහ සෞඛ්‍ය කදවුරු පැවැත්වීම මෙන්ම ප‍්‍රජා රෝහල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සිදුකෙරයි.

“Crysbro Next Champ”වැඩසටහන මගින් අනාගත ලොව ජය ගන්නා අපේ රටේ දක්‍ෂ තරුණ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාතියට හදුන්වා දෙමින් ඔවුන්ට අතහිත දීමේ සිදුකෙරන අතර ජාතික සම්මාන උළෙලක් මගින් ඔවුන්ට ඇගයීම සිදුකෙරයි.

1972 වර්ෂයේදී කුකුළු පැටවුන් 100 දෙනෙකුගෙන් ඇරඹි ක‍්‍රිස්බ්‍රෝ එතැන් පටන් වෙළෙඳපොල ප‍්‍රමුඛයා වීමේ දැක්ම පෙරදැරිව කටයුතු කිරීම ඇරඹීය. ප‍්‍රමිතිය, නැවුම්බව සහ නව්‍යකරණය සඳහා ඉහළ වැදගත්තමක් ලබා දෙමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම කුකුළු නිෂ්පාදන ව්‍යාපාරික ආයතනය බවට පත් විය. මව් ගොවිපොළ, අභිජනන ගොවිපොළ, බ්‍රොයිලර් ගොවිපොළ සහ කුකුළු ආහාර නිෂ්පාදන ක‍්‍රියාවලියක් ඇතුළු පුළුල් පරාසයක ක‍්‍රිස්බ්‍රෝ හි අතු පතර විහිද පවතී. ‘ගොවිපොළේ සිට ආහාර මේසය දක්වා’ යන සංකල්පය ක‍්‍රිස්බ්‍රෝ සාර්ථකත්වයෙහි ගමන් මගෙහි සංකල්පය වී තිබේ. ක‍්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරයේ සාර්ථකත්වයට බාහිර කුකුළු නිෂ්පාදකයින්, ඉරිඟු වගා කරුවන් මෙන්ම සමස්ත ශ‍්‍රී ලාංකීය පාරිභෝගික ප‍්‍රජාවගෙන්ද ලැබෙනුයේ සුවිසල් සහයෝගයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *