එ. ජා. ස්වාධීන විශේෂඥවරයෙක් ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විදේශීය ණය සහ මානව හිමිකම් පිළිබඳ ස්වාධීන විශේෂඥ වාන් පැබ්ලෝ බොලොස්කි මහතා ලබන මාසයේ දී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවනු ඇත.

ඔහු ශ්‍රී ලංකා රජයේ ආරාධනාවක් මත ලබන 03වනදා දිවයිනට පැමිණීමට නියමිත ය.

ඒ මහතා සැප්තැම්බර් 11 වන දින දක්වා මෙරට රැදී සිටීමට නියමිත බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සඳහන් කළේය.

මෙරට විදේශීය ණය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් මූලික අධ්‍යයනයක් කිරීම හා ඒ පිළිබඳ තොරතුරු එකතු කර ගැනීම සිය සංචාරයේ අරමුණ බව ජුවාන් පැබ්ලෝ මහතා ප්‍රකාශ කර තිබේ.

ශ්‍රි ලංකාවේ රාජ්‍ය ණය, ඊට අදාළ ප්‍රතිපත්ති, මානව අයිතිවාසිකම් පූර්ණ ලෙස භුක්ති විදීම මෙම සංචාරය තුළදී ඔහු විසින් අධ්‍යයනය කිරීමට නියමිතය.

මෙරට රජයේ නිළධාරීන්, සිවිල් සමාජ නියෝජිතයින්, ජාත්‍යන්තර ප්‍රජාව සහ අනෙකුත් පාර්ශවකරුවන් සමග එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ජුවාන් පැබ්ලෝ මහතා ප්‍රකාශ කර ඇත.

ඔහු විසින් සිය සංචාරය පිළිබදව සැප්තැම්බර් 11 වනදා කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් ද පැවැත්වීමට නියමිතව බවද සදහන් ය.

ශ්‍රී ලංකා සංචාරය පිළීබඳව ලබන වසරේ මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට ද නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *