2018 රාජ්‍ය නත්තල් උත්සවය මන්නාරමේදී

(කොළඹ, ලංකාපුවත්) – 2018 රාජ්‍ය නත්තල් උත්සවය මන්නාරම ප්‍රදේශයේ පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රාජ්‍ය නත්තල් උත්සවය සෑම වසරකදීම රදගුරු පදවියක් මුල් කරගනිමින් එම පදවියේ රදගුරු හිමිපාණන්ගේ මූලිකත්වයෙන් හා උපදේශකත්වයෙන් පැවැත්වීමට කටයුතු කරනු ලබයි.

ඒ අනුව සියලු ජාතීන්ට අයත් වන ජනතාව ජීවත්වන මන්නාරම ප්‍රදේශය තුළ ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් සහ ඔවුන් තුළ අධ්‍යාත්මික පිබිදීමක් ඇති කිරීමේ අරමුණින් 2018 රාජ්‍ය නත්තල් උත්සවය මෙසේ මන්නාරමදී පැවැත්වීමට නියමිතය.

මෙවර නත්තල් උත්සවය ‘සමිඳු උපතයි නත්තල් සිරියයි’ යන තේමාව යටතේ මන්නාරම කතෝලික පදවිය මුල් කරගනිමින් පැවැත්වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *