අභිරහස් ලෙස මියගිය පියා සහ දියණියගේ සිරුරු හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – මහියංගණය, දඹගොල්ල ප්‍රදේශයේ නිවසක් තුළ මියගොස් සිටි එකම පවුලේ පියෙකුගේ සහ දියණියකගේ මළ සිරුරු මහියංගණය පොලිසිය විසින් සොයාගෙන තිබේ.

ඊයේ(30) රාත්‍රී 09.45ට පමණ මෙම සිරුරු සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

මියගොස් ඇත්තේ 31 හැවිරිදි පියා සහ ඔහුගේ 11 හැවිරිදි දියණිය බව සදහන් ය.

පවුල් ආරවුලක් හේතුවෙන් වස පානය කර මියගොස් ඇති බවට සැක සිතිය හැකි බව පොලිසිය සදහන් කරනු ලැබේ. මෘත ශරී සිද්දිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තඉා ඇති අතර මහිංයගණය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *