දරුවන්ට ශක්තිජනක පාන එංගලන්තයේ අළෙවිය තහනම්

(කොළඹ, ලංකාපුවත්) – ශක්තිජනක පාන තුළ අන්තර්ගත අධික සීනි සහ කැෆේන් සෞඛ්‍යයට ඉතා අහිතකර බව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.

ඒ අනුව වයස අවුරුදු 16 ට අඩු අයට ශක්තිජනක පාන අළෙවිය තහනම් කිරිමට එංගලන්තය සැළසුම් කර තිබේ.

දරුවන්ගේ සෞඛ්‍ය පිළිබද විශේෂ අවධානයක් යොමු කරමින් තීරණය කි‍්‍රයාත්මක කිරිම අරමුණ වේ. ඒ අනුව ළමුන්ට ශක්තිජනක පාන අළෙවිය නතර කිරිමට තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් එංගලන්ත රජයේ ප්‍රකාශකයෙක් සදහන් කර ඇත්තේ එරට වයස අවුරුදු 10ත් 17ත් අතර දරුවන්ගෙන් තුනෙන් දෙකක් ශක්තිජනක පානවලට හුරු වී ඇති බවය. ළමුන්ගේ තරබාරුකම සහ පාසැල් හැසීරීම් තත්ත්වයට කැෆේන් හා සීනි වල බලපෑම හේතුවෙන බව ද පෙන්වා දෙයි.

අගමැති තෙරේසා මේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ දරුවන්ගේ තරබාරුකම රට මුහුණ දෙන ලොකුම සෞඛ්‍ය ගැටළුවක් බවයි. එබැවින් තරුණයින් විසින් පරිභෝජනය කරන සීනි ප්‍රමාණය අඩු කිරීමත්, සෞඛ්‍ය සම්පන්න තීරණ ගැනීමට උපකාර කිරීම සඳහා අපි සැලකියයුතු පියවර ගන්නෙමු යනුවෙන් අගමැතිවරිය සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *