පාසැල් සිසුන් අතර පැතිර යන මත්ද්‍රව්‍ය වසංගතය පාලනය කිරීමට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) –පාසැල් සිසුන් අතර පැතිර යන මත්ද්‍රව්‍ය වසංගතය හඳුනා ගැනීමේ වගකීම කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ සිට විදුහල්පතිවරුන් දක්වා ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දෙයි.

අද (31) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති පාසැල් මානව සම්පත් ප්‍රවර්ධන ප්‍රධානය කිරීමේ වැඩසටහනට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පෙන්වා දුන්නේය.

විදුහල්පතිවරුන් විදුහල පරිපාලන ඒකකයක් සේ සලකා කටයුතු කළ යුතු බව මෙහිදී පෙන්වා දුන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා චක්‍රලේඛණ නිකුත් කළ පමණින් මෙම තත්ත්වය පාලනය කළ නොහැකි බව සඳහන් කළේය.

ළමුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීම තුළින් මේ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව ඇති බව පෙන්වා දුන් අමාත්‍යතුමන් පාසැල් තුළ තොරතුරු ලබා ගැනීම සඳහා සම්බන්ධතා ජාලයක් පවත්වා ගත යුතු බවද මෙහිදී කියා සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *