වෙල් ලක්ෂයක් තිබූ වෙල්ලස්සෙන් නව ව්‍යවසායකයින් ලක්ෂයක් බිහි කිරීම අරමුණයි – ඇමති කිරිඇල්ල

(කොළඹ, ලංකාපුවත්) – වෙල් ලක්ෂයක් තිබූ වෙල්ලස්සෙන් නව ව්‍යවසායකයින් ලක්ෂයක් බිහි කිරීම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩපිළිවෙලේ අරමුණ බව රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මොණරාගල පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ දෙවැනි දිනය නිලවශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා ඊයේ (30) මේ අඳහස් ප්‍රකාශ කළේ ය.

ලංකා ඉතිහාසයේ රාජ්‍ය බැංකු ගමට ගියේ නෑ. ජනතාව බංකුවට ගියා පමණයි සිදු වුනේ. ප්‍රථම වරට රාජ්‍ය බැංකු ගමට ගිහින් ගමේ අවශ්‍යතාවය හඳුනාගනිමින් ණය ලබාදීමේ අවස්ථාව අති කර තිබෙනවා.

ග්‍රාමීය ජනතාව බැංකුවකට යන්නේ බොහොම සැකෙන්.රජය මෙය තේරුම් ගෙන මුදල් අමාත්‍ය මංගල සමරවීර අමාත්‍යතුමා සමඟ තීරණයක් ගත්තා, අපි ගමට යමු කියලා.ග්‍රාමීය තරුණ පරම්පරාවගේ අවශ්‍යතාවය අනුව ණය
පහසුකම් ලබාදීලා,ව්‍යවසායකයින් බිහි කිරීමට යම්කිසි ශක්තියක් ලබදීමට තීරණය කළා.අද අප විවිධ වගාවන්ට ණය දුන්නා.ණය ක්‍රමයේ වැදගත් කම තමයි, පොළියෙන් කොටසක් රජය ගෙවනවා. ව්‍යවසායකයාට දිරි දීමක් සිදු කරන බවද අමාත්‍යවරයා පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *