ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධතාව ගැන පොලිස්පති කියයි

(කොළඹ, ලංකාපුවත්) – ලබන 05 වනදා කොළඹදී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධතාව, මහජන සාමයට බාධා නොවන ආකාරයෙන් පවත්වන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉල්ලීමක් කරයි.

එසේ නොවුනහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති බව ඔහු කියා සිටියේය.

152 පොලිස් දිනය වෙනුවෙන් අදට (03) පෙරවරුවේ පැවති උත්සවයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මේ බව පැවසීය.

විරෝධතාව සඳහා පූර්ණ පොලිස් ආරක්ෂාව යොදන බවත්,එදිනට නීතිය සුරැකිමට අවශ්‍ය පොලිස් නිළධාරින් හා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බවත් පොලිස්පතිවරයා සදහන් කළේය.

මහජනතාවගේ එදිනෙදා ජීවිතයට හා සාමයට බාධා නොවන ආකාරයෙන් විරෝධතාවය සිදු කරන ලෙසට පොලිස්පතිවරයා විසින් එය සංවිධාන කරන පාර්ශවයන් ගෙන ඉල්ලීමක් ද කරනු ලැබීය‍.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *