බ්‍රසීල ජාතික කෞතුකාගාරයේ ගින්නක්

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රසීල ජාතික කෞතුකාගාරයේ ගින්නක් හටගෙන තිබේ.

වසර 200ක් පැරණි මෙම කෞතුකාගාරය පිහිටා ඇත්තේ රියෝ ද ජැනයිරෝ නගරයේ ය. ගින්න පාලනය කිරීම සඳහා දැඩි උත්සහයක නිරතවෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එහි ඇති කෞතුක භාණ්ඩ සංඛ්‍යාව කෝටි දෙකකට වඩා අධික ය. ගින්නෙන් කිසිවෙකුටත් තුවාල වූ බවක්, වාර්තා වී නොමැත. කෞතුකාගාරය ඊයේ එක් දිනක් වසා තිබූ අතර ගින්න හටගෙන ඇත්තේ ඉන් අනතුරුවය.

මෙම කෞතුකාගාරයේ අමෙරිකානු මහද්වීපවලින් හමුවූ පැරණිම මිනිස් ඇටසැකිල්ල වන වසර දොළොස් දහසක් පැරණි කාන්තා ඇටසැකිල්ල ඇතුළුව බොහෝ වටිනා දෑ තැන්පත් කර තිබුණි.

විශේෂයෙන්ම ශතවර්ෂ ගණනාවක් පැරණි පොසිල, කලා කෘති හා ලියකියවිලි රැසක් මේ හේතුවෙන් විනාශ වී ඇති බව සදහන් වේ.

බ්‍රසීල ජනාධිපති මිචෙල් ටෙමර් සඳහන් කර ඇත්තේ මෙය මුළු බ්‍රසීල ජනතාවට ශෝකාකූල දිනයක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *