මැණික් ගල් යොදා ගනිමින් ජල පෙරණයක් නිපදවයි

‍(කොළඹ, ලංකාපුවත්) –ජලයේ බැර ලෝහ ඉවත් කිරීම සඳහා මැණික් ගල් යොදා ගනිමින් ජල පෙරණයක් නිපදවීමට ශ්‍රී ලාංකික මැණික් විද්‍යාඥයෙක් සමත්ව ඇති අතර ඒ සදහා පේටන්ට් බලපත‍්‍රය ද මේ වනවිට ලබාගෙන ඇත.

එය වාණිජ මට්ටමින් නිපදවීම සඳහා ජපානයේ සමාගමක් හා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනය පසුගිය 31වනදා ගිවිසුමකට ද එළැඹ තිබේ.

මීට අමතරව සපත්තුවට මැණික් ගල් ඔබ්බවා පැළදිමෙන් ශරීරයේ සමහර ලෙඩ සුව කළ හැකි ක‍්‍රමයක් ද ලාංකීය මැණික් විද්‍යාඥයකු විසින් සොයා ගෙන ඇති බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

එය වාණිජ මට්ටමට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව කී අමාත්‍යවරයා මැණික් හා ස්වර්ණාභරණ පුහුණු හා පර්යේෂණ කේෂත‍්‍රය ඉතා වටිනා පර්යේෂණ කරමින් සිටින බවත් ඒ සඳහා අමාත්‍යංශයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *