ආණ්ඩුව ලබා දුන් නිදහස නිසා ඕනෑම උද්ඝෝෂණයකට කොළඹට එන්නට හැකියාව තිබෙනවා

(කොළඹ, ලංකාපුවත්) –ආණ්ඩුව ලබා දුන් නිදහස නිසා ඕනෑම උද්ඝෝෂණයකට කොළඹට එන්නට හකියාව උදා වී තිබෙන බවත් අද ප්‍රජතන්ත්‍රවාදය තිබෙන නිසා කාටත් නගරයට පැමිණීමට හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොළඹ හෙට පැවැත්වීමට යන විරෝධතාවය අත් හිටුවීමට විශේෂ ගමනාගමන අවස්ථාවන් මහජනතාවට ලබා නොදී ඇතැයි චෝදනා කරමින් ස්ථාවර නියෝග යටතේ පර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඊයේ(04) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසී ය.

”පස්වැනිදා නිවාඩු දිනයක් නොවේ. කණ්ඩයම් නගරයට එනවා.රජයේ සේවකයින් එනවා. පාසල් ළමුන් එනවා. මහජනතවට ගමනාගමනයට තිබෙන ඒ සියලු රාජ්‍ය පෞද්ගලික සේවය අඩපන වෙන්නේ නෑ. සේවා අඩපන
වෙන්නේ නෑ.පාර්ලිමේන්තු බලතල වරප්‍රසාද යටතේ පොලීසියට ක්‍රියාකරන්න පුළුවන්.ආණ්ඩුවේ නිදහස තිබෙන නිසයි කොළඹට එන්න පුළුවන්. අද ප්‍රජාතන්ත්‍රවාදය තියෙන නිසා කාටත් නගරයට එන්න පුළුවන්.”

”එක්නැලිගොඩට වුණ දේ අද වෙන්නේ නෑ. ලසන්තට වුණ දේ අද වෙන්නේ නෑ.දැන් සම්පූර්ණයෙන් ම නිදහස තිබෙනවා.කීත් නොයර්ට වුණ දේ අද වෙන්නේ නෑ. උපාලි තෙන්නකෝන්ට පහර දුන්න දේ අද වෙන්නේ නෑ. උද්ඝෝෂණ නවත්වන්න යන්නේ නෑ. අද ලබාදී ඇති නිදහස නිසා හෙට ඒකාබද්ධයට උද්ඝෝෂණය කරන්න පුළුවන්. තමුන්නාන්සේලා කරන්නේ මට බනින එකයි. සෙනඟ ආවේ නැත්නම් ඒත් මට බනින්න උත්සහ කරනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මේ රටේ ජනතාවට අවහිරයක් නොවන ලෙස කටයුතු කරන්න තිබෙන්නේ.”යැයි අගමැතිවරයා සඳහන් කළේ ය.

.

සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- ඒකාබද්ධ විපක්ෂය ලැස්ති වෙන්නේ බිලි පූජාවකට

අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා- අපි කිසිම උසාවි නියෝගයක් අරන් නෑ. අපි ඉඩ දෙනවා වැදගත් විදියට හැසිරෙන්න. කියලා ගස්සා ගන්න අවශ්‍ය වෙලා. අපි ගහන්නේ නෑ. පොලීසිය විසින් කිසිම තහනම් නියෝගයක් අරන් නෑ.

නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර- පුළුවන්නම් උද්ඝෝෂනය කරන්න.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා- කොළඹ එන තැනක් කියලා නෑ. එන තැන කියනවා නම් මගෙන් බස් දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *