‘ජේබි‘ වසර 25කට පසු ජපානය වනසයි

(කොළඹ, ලංකාපුවත්) –ජපානය වසර 25කට පසු ඇති වූ දරුණුතම චණ්ඩ මාරුතයට ඊයේ(04) මුහුණ දුන්නේය.

ජේබි නමින් හැඳින්වෙන සුළි කුණාටුව හමා ඒමට පෙර බටහිර වෙරළබඩ නගරවලින් එකොලොස් ලක්‍ෂයකට අධික පිරිසකට ආරක්‍ෂිත ස්ථාන කරා යන ලෙසට රජය දැනුම් දී තිබුණි.

අවලංගු කෙරුණු ගුවන් ගමන් සංඛ්‍යාව 700කට අධිකයි. කුණාටුව පැයට කිලෝමීටර 216ක වේගයකින් යුත් සුළං සමග ගොඩබිමට ඇතුළු විය. කියෝතෝ කෝබේ හා ඔසාකා යන නාගරික ප්‍රදේශ එහි බලපෑමට ලක්ව තිබේ.

ජේබී සුපිරි හරිකේන් කුණාටුවක් බව කාලගුණ විද්‍යාඥයන් පවසයි.

අවසන් වරට මෙවැනි කුණාටුවක් හටගෙන ඇත්තේ, 1993වසරේදී ය. ටෝකියෝ අගනුවර කුණාටුවේ සෘජු බලපෑමට ලක්වූයේ නැත. චන්ඩමාරුතය ගොඩබිමට ළඟාවීමත් සමඟ ප්‍රචණ්ඩ මුහුදු රළ හට ගැනුණි.

ටොන් 2500කට අධික බරින් යුත් තෙල් නෞකාවක් උදම් රළ සමඟ පාවී ගොස් කන්සායි අන්තර් ජාතික ගුවන් තොටුපොළට පිවිසෙන පාලමේ ගැටී තිබේ.

ගොඩනැගිලිවලට ද දැඩි හානි සිදුව ඇත. නිසි විධිවිධාන අනුගමනය කිරීම නිසා ජිවිත හානි අවම වී තිබේ. දැනට හෙළි වී ඇති තොරතුරු අනුව පුද්ගලයන් 10දෙනෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇත.

ජපානය මේ වසර තුළ දරුණු කාලගුණික ව්‍යසනයන්ට ගොදුරු විය.

ජුලි මාසයේ ඇති වූ ගංවතුරින් 200කට අධික පිරිසක් මියගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *