දුම්කොළ හා සෞඛ්‍යය පිළිබඳ ආසියානු පැසිෆික් සමුළුවට යන සිසුන්ට ජනපති අතින් ගුවන් ටිකට්පත්

(කොළඹ, ලංකාපුවත්) – දුම්කොළ හා සෞඛ්‍යය පිළිබඳ 12 වන ආසියානු පැසිෆික් සමුළුවට සහභාගි වන රජරට විශ්වවිද්‍යාලයේ සෞඛ්‍යය ප‍්‍රවර්ධන අංශයේ සිසුන් හය දෙනා වෙත ගුවන් ටිකට්පත් ප‍්‍රදානය කිරීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ(04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

“සෞඛ්‍යයමත් පරම්පරාවක තිරසර සංවර්ධනය සඳහා දුම්කොළ පාලනය” තේමාව යටතේ සමුළුව මෙම සැප්තැම්බර් 13,14 සහ 15 යන දිනයන්හි ඉන්දුනීසියාවේ බාලී නුවරදී පැවැත් වේ.

රජරට විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප‍්‍රවර්ධන අංශයේ එම්. ජී. බී. හර්ෂ මධුශංක, ඩබ්. එම්. අසිංසලා මධුමාලි, පී. කේ. නිමේෂා දුලාන්ජලී, ආර්. එම්. සමන් කුමාර, ඩබ්. එම්. ආර්. ඒ. වන්නිනායක, බී. ඒ. නිලූෂිකා මධුභාෂිණි යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඊට එක් වෙයි.

මෙම ශිෂ්‍ය ශීෂ්‍යාවන් වෙත සිය සුබපැතුම් සහ ආශිර්වාදය පළ කළ ජනාධිපතිතුමා ඔවුන්ට තිළිණ ද ප‍්‍රදානය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *