රුපියලේ අගය තවත් පහළට

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ඊයේ(04) දිනයේ දී රු. 162.9973 ක් ලෙස සටහන් විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඊයේ (04) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 159.7943ක් ලෙසින් සටහන් වූ අතර එහි විකුණුම් මිල රු. 162.9973 ක් ලෙසින් සටහන් විය.

මේ වන විට ලොව බොහෝ විනිමය, ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *