ඕස්ට්‍රේලියානු සෘජු ආධාර වැඩසටහන (DAP)අයැදුම්පත් කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) –ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ සෘජු ආධාර වැඩසටහන (DAP) සඳහා දැන් අයැදුම්පත් බාර ගැනේ.

සෘජු ආධාර වැඩසටහන යනු, ශ්‍රී ලංකා සහ මාලදිවයින ඇතුළුව ලෝකය පුරා සියගණනක් සංවිධානවලට ඔවුන්ගේ ප්‍රජාවන් තුළ වෙනසක් ඇතිකිරීමට උපකාරීවන, නම්‍යශීලී සුළු ප්‍රතිපාදන වැඩසටහනකි.

මෙවර වටයේදී සෘජු ආධාර වැඩසටහනේ ප්‍රමුඛතාව හිමිවන්නේ, යුද ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රජාවන්ට සාමය සහ සංහිඳියාව ලඟා කරගැනීමට උපකාරී වන හෝ සමාජ ඒකාබද්ධතාප්‍රතිපල වෙනුවෙන් වූ, ශ්‍රී ලංකාව පදනම් කරගත් ව්‍යාපෘතින්ටය.

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හචීසන් මහතා සඳහන් කරන්නේ, “සෘජු ආධාර වැඩසටහන ශ්‍රී ලංකාව, මාලදිවයින ඇතුළුව ලෝකය පුරා බිම් මට්ටමේ සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා සහය දෙන වැඩසටහනක් බවයි.” “ ඔබේ ප්‍රජාවට සහය වීම සඳහා ඔබේ සංවිධානයට උදාර අදහසක් ඇත්නම්, විශේෂයෙන්ම සාමය සහ සංහිඳියාව හෝ සමාජ ඒකාබද්ධතාප්‍රතිපල ලඟා කරගැනීමට උපකාරී වන අදහස් ඇත්නම්, ඔබට ඇහුම්කන් දීමට අපි බලාපොරත්තුවෙන් සිටිමු.”

ලියාපදිංචි ප්‍රජා කණ්ඩායම්,ජාත්‍යන්තර හෝ දේශීය රාජ්‍ය නොවන සංවිධාන, අධ්‍යාපනික ආයතන, ස්වාධීන ආයතන හෝ ලාභ නොලැබීමේ පදනම මත සංවර්ධන ක්‍රියාකාරකම්හි නියැලෙනසංගම්වලට සෘජු ආධාර වැඩසටහනේ ආධාර ලබාගැනීමට ඉල්ලුම් කල හැකිය. වසර දෙකක කාලයක් දක්වා වූ, ඕස්ට්‍රේලියානු ඩොලර් 50,000ක (දල වශයෙන් රුපියල් මිලියන 5.7ක) උපරිමයකට යටත්ව එම ඉල්ලුම්පත් යොමු කල හැකි වේ.

2018 ඔක්තෝම්බර් මස 31 වන දා දක්වා සෘජු ආධාර වැඩසටහනේ (DAP) අයැදුම්පත් බාර ගැනේ. සියලුම අයැදුම්පත්,මහ කොමසාරිස් කාර්යාලයේ වෙබ් අඩවියේ සඳහන්
http://srilanka.embassy.gov.au/clmb/DAPSriLanka.html හි දක්වා ඇති “samartygrants” අන්තර්ජාල යොමුව ඔස්සේ ඉදිරිපත් කල යුතුය.

සියලු විමසීම්, සෘජු ආධාර වැඩසටහන (DAP) පිලිබඳ සම්බන්ධිකාරක වෙත [email protected]මගින් යොමු කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *