රාජ්‍ය දේපළ වංචා කරන්නන්ට මරණ දඩුවම – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –රාජ්‍ය දේපළ වංචා කරන පුද්ගලයන්ට මරණ දඬුවම ලබාදිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිතුමා පැවසීය.

පාර්ලිමේන්තුවේ ගිණුම් කාරක සභාව විසින් රාජ්‍ය ආයතනවල ඉහළ කාර්යක්ෂමතාවය පෙන්වා ඇති රාජ්‍ය ආයතන 101 ක් වෙත සම්මාන පිරිනැමීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.

රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් රාජ්‍ය ආයතන ඇගයීමේ වැඩසටහන අද (05) පෙ.ව.10.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *